lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

සුළං බල ව්‍යාපෘති 2ක් සඳහා  අදානි සමාගමට අනුමැතිය

ශානිකා ප්‍රියදර්ශනී රත්නායක

iStock Wind Turbine Farm min

සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.


මෙම ව්‍යාපෘති දෙකෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික බවද අමාත්‍යවරයා සදහන් කළා.


පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ.මේ අතරින් එක් ව්‍යාපෘතියක් මන්නාරමේ ඉදි කිරීමට නියමිත අතර ඉන්  මෙගාවොට් 286 ක් උත්පාදනය කෙරෙනවා.

අනෙක් ව්‍යාපෘතිය මෙගාවොට් 234 ක් උත්පාදනය කෙරෙන්නක් වන අතර එය පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media