lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ළමා වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක්

WSDC 450 268

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු වියයුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවීමට යෝජනාවී තිබෙනවා.

ඒ  ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවලට අනුවයි.
 
ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
 
ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙසද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කොට ඇති බව සදහන්. 
 
එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතුය’ යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබෙනවා.
 
23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමයි.

.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media