lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

‌ඓතිහාසික රැස්වෙහෙර රාජමහා විහාරස්ථානය

හිමිදිරි උදෑසනම සොඳුරු ඇලි ඇතුන් වෙසෙන ගල්ගමුව, ඇහැටුවැව, කත්නෝරුව හරහා අපි රැස්වෙහෙර රජමහා විහාරස්ථානයට ලඟා වුනෙමු. ඒ් වන විටත් ලාහිරු නැඟ විහාරය මතට පතිත වී තිබිණි.

අපේ රජ දරුවන් ඈත අතීතයේ බුදු දහම පෝෂණය කරන්නට ගත් වෙහෙසකරත්වය රැස්‌වෙහෙර රජ මහා විහාරය බලන්නෙකුට පැහැදිළි කර ගන්නට පුළුවන. විහාරධිපති කලංකුට්ටියේ රාහුල හාමුදුරුවෝ මේ ‌ඓතිහාසික ප්‍රෞඩ පුදබිම පණ මෙන් රැක ගනිමින් වැඩ වාසය කරන්නේය.

කනගාටුවට කරුණක් නම් බහුජාතික කොම්පැනිකාරයින් අප පැමිණි මග දෙපස වනාන්තර ඩෝසර් දමා වනසා සඳුන් වගාවන්, අඹ වගාවන් සහ තවත් විවිධ වගාවන් සදහා අත්පත්කරගෙන මහා විනාශයක් කරමින් තිබීමය.

සමහර හාමුදුරුවරුද මෙයට සම්බන්ධ බව ගම්වාසීන් පවසති.  මේ හේතුව නිසාවෙන් අපේ අලි සම්පත විනාශ වෙමින් පවතින බවට ගම්වැසියෝ මැසිවිලි නගති. එබැවින් රැස්වෙහෙර රජ මහා විහාරය සහ ඒ අවට ඇති සුන්දර වනාන්තර රැක ගැනීම අපේ වගකීමකි. 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media