getty 803789400 2000133320009280103 362124
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 වනදා පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අප්‍රේල් 29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.