images 24 1 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව එම නියෝගය කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්.

මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව අදාළ නියෝගයේ සඳහන්.