lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

2022 ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

Asia cup winners
පකිස්ථානය පරාජයට පත් කරමින් 2022 ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වූණා.
 
කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී  ලංකා කාණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළා.
 
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා.
 
වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළා.
 
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවාගත්තා.
 
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 147 ක් පමණයි.
 
ප්‍රමෝද් මධුෂාන් ළකුණු 34 කට කඩුලු 04 ක්ද – වනිඳු හසරංග ළකුණු 27 කට කඩුලු 03 ක් ද බිඳහෙලුවා.
 

මේ අතර ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පවසනවා.

 
ශ්‍රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්‍රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media