coldig1055181 315488122602885 9702374 26122019 FRR CMY 1

ලබන 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී කටයුතු අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි වාර්තා වන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.