දැඩි නියගය නිසාවෙන් වැව් අමුණු සිඳී ගොස්ය. වියලී ගිය මහ පොළොව මත තණ සොයා යන ගවයන් අසරණ වෙලාය. දැඩි රස්නය නිසා පිපාසිතව වන සතුන් දිය පොදක් සොයා යති. දඩ වැද්දන් මේ අහිංසක සතුන් මස් කර අලෙවි කරති. සිඳී ගිය වැඩ වලට බැස ගත් ගම්වාසීන් මාලු අල්ලන අතර තවත් අය නෙලුඹ් අල හාරති. වැව්වල රතු නෙලුම්, සුදු නෙලුම්, ඕලු, මානෙල් පිපුනාම කොච්චර නම් ලස්සනද. නියඟය නිසා අලංකාර වූ පරිසරය වියලිගොස් අටවරල් පෑදී ඇත.
ආර්ථික අපහසුකම්වලින් හෙම්බත් වී ඇති. මු`ඵ මහමත් සමාජයම අසරණය. බඩු මිල අහස උසට කුසගින්නේ, හාමතේ හුල්ලන මිනිසුන් ලක්ෂ ගණනකි. මෙවන් සමජයක් තුළ අටවරල් හාරා නෙලුම් කුරුල්ලන් සොයා නෙලුම් අල සොයන ගම්වාසීන් වියලී ගිය මැටි පොලව කඩා අඩි තුන හතර හාරාගත් පසු නෙලුම් අල සොයා ගනිති. නෙලුඹ් අලයක් සොය ගැනීමට සදහා දැඩි අව් රස්නයෙන් ඔවුන් දැඩි පීඩා විදිති.
සමහර ගම්වාසීන් අලෙවිය සදහාද නෙලුඹ් අල හාරති. සමහරුන් වේලක් පිරිමසා ගැනීම සදහාද නෙලුම් අල හාරති.
සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.