lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පෙබරවාරියේ සිට ඉඩම් බලපත්‍ර සින්නක්කර ඔප්පු 

1700915281 Ranil W L

ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“විශේෂයෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ යම්කිසි සැලැස්මක් අනුව දියුණු කළ යුතුයි. හිගුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණුවීමත් සමග මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා සැලැස්මක් අනුව මෙම නගර තුන සංවර්ධනය විය යුතුයි.”

“එසේම ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු 10,000ක් ලබාදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී සිදු කරනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ලබාදුන් ඉඩම්වල සින්නකර අයිතිය ලබාදීම කොළඹදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.”

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media