lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බිත්තර මිලියනයක් දිවයිනට

This

තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ එම නෞකාවෙන් රැගෙන ආ බිත්තර අනුමැතිය සඳහා හෙට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය 23 වැනිදා පළමුවරට බිත්තර මිලියන දෙකක ප‍්‍රමාණයක් ආනයනය කෙරුණු අතර ඒ අනුව මේ දක්වා ආනයනය කර ඇති සමස්ත බිත්තර ප‍්‍රමාණය මිලියන 4ක්.

කෙසේ වෙතත්, ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තර සාමාන්‍ය ජනතාවට අලෙවි කිරීම සඳහා මේ වනතෙක් අවසර ලැබී නොමැති බවයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media