lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට වගාකළ හැකි දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට පියවර

1 6261ed43 ad5c 4c4f ba05 b17749aa46d8

දෙළුම් ආනයනය සඳහා වසරකට රු.මිලියන 900ක් පමණ වැය වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අක්කර බාගයකින් රු. ලක්ෂ 60ක් පමණ උපයා ගතහැකි දෙළුම් ප්‍රභේද 02ක් හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගසක ආයු කාලය වසර 30ක් පමණ වන අතර වසර පුරා ඵල හට ගන්නා මෙම එක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක පමණ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම ප්‍රභේද නිර්දේශ කිරීම ඉදිරි මසක කාලයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නිදහස් කිරීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිත අතර එම කමිටුවෙහි නිර්දේශ ලද වහාම ප්‍රභේද සඳහා නම් තැබීමට නියමිත බවද සඳහන් වනවා.

මේ වනවිට මෙම දෙළුම් ප්‍රභේද නොරොච්චෝලෙයි ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර, ඉන් ඉහළ අස්වැන්නක් මෙන්ම ගොවීන්ට හොඳ ආදායමක් උපයා ගැනීමටද හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම නව දෙළුම් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාතික වශයෙන්ද ඉහළ ඉල්ලුමක් ඇති මෙම දෙළුම් ප්‍රභේද එළඹෙන වසරේ මුල් කාර්තුව තුළ ගොවීන්ට වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media