lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

cccc 1

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී සම්පූර්ණ කළේ ය.

පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත් අතර, අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී ගියේ ය.

පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළ අතර, එය හතරේ පහර 16කින් සහ හයේ පහර 02කින් අලංකාර විය.

කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළේ ය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media