පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
කිලිනොච්චියේ පාසල් 08ක්, වව්නියාවේ පාසල් 01ක් හා මුලතිව් පාසල් 07ක් තාවකාලිකව වසා දමා තිබෙන බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ.
ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.