lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කරගහගෙදර ඉපැරණි අම්බලම

ඈත ගම්මානයක වෙල් යායක් ඉස්මත්තේ ගල්තලාවක රමණීය ගැමි පරිසරයක රවුම් කළුගල් හතරක් උඩ කරගහගෙදර අම්බලම දකින්නට පුලුවන්. 

ක්‍රිස්තු වර්ෂ 1837 දී මෙම අම්බලමේ ආරම්භය සනිටුහන් වනවා.

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නාරම්මල සිට කඩහපොල පාරේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කළ පසු ගල්වංගුව හමුවනවා. එම ස්තානයෙන් දකුණට හැරී තව කිලෝමීටර් 2ක් පමණ ගිය පසු වෙල්යායක් අසබඩ ගල්තලාවක කරගහගෙදර අම්බලම පිහිටා තිබේ.  

විශාල දැව කඳන් යොදා සාදා නිම කර ඇති මේ සොඳුරු අම්බලම දකින්නකුට සිතට සතුටක් ගෙන දෙන්නේ අපේ මුතු මිත්තන් සිහිකරවමිනි.  තනි හතරැස් කැටයම් කළ ලී කණු 17කින් උඩට උස්සා නිමකොට පසුව තවත් ලොකු ලී කැටයම් කළ දැව කඳන් හතරක් සමාන්තරව එවැනිම හතරැස් කොටුවකින් වයහලය තෙක් උස්සා ඇති අතර ගල් තලාවට සමාන්තරව තවත් හතරැස් ලී කොටුවකි.  ඊට උඩින් තවත් විශාල දැව කොටන් යොදා සුව පහසුවේ වාඩිවිය හැකි හතරැස් කොටුවකි. 

සුවහසක් මහජනතාවගේ ගිමන් නිවාලන සොඳුරු නවාතැනක් අපේ පැරණි මුතුන් මිත්තන් අපිට උරුම කරදී මෙලොවින් සමුගෙන ගොස් ගෙඩාක් කල්ය.  එහෙත් ඔවුන්ගේ දෑතින් නිර්මාණයවූ කරගහගෙදර අම්බලම අපි තාමත් විඳින්නෙමු

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media