lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ගංගාරාම විහාරයේ නවම් පෙරහර අනිද්දා

gangarama

දෙස් විදෙස් ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවූ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර එළඹෙන මැදින් පුන් පොහෝ දිනයදා 45 වන වරටත් පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබෙන බව කොළඹ ගංගාරාම විහාරවාසි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණෝ පවසනවා.

උන්වහන්සේ මේ බව පැවැසුයේ ඊයේ(20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහර තුනුරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන පුජාවක් ලෙස හැඳින්විය හැකියි.

ගංගාරාම නවම් මහා පෙරහර රටේ සංස්කෘතික පාර්ශවය පෝෂණය කිරීම උදෙසා දක්වන දායකත්වය අතිමහත්ය.

එම පෙරහැරේ ආරම්භයට හේතු පාදක වී තිබෙන්නේ කලින් අගනුවර තිබූ ඇසළ පෙරහරයි.

ගංගාරාම කුලඟන සමිතිය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.

නවම් මාසයේ පෙරහැර ආරම්භ කිරීමට හේතු කාරණා වූ සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් නවම් මාසයට විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමයි.

අනෙක නවම් පොහොයේ තිබෙන ශාසනික වැදගත්කමයි.

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය පැවැත්වීම එම සුවිශේෂී ශාසනික කාරණයයි.

1919 සිට වාර්ෂිකව නොකඩවා පෙරහර පැවැත්වීමට හැකිවීම පෙරහර සංවිධායක කමිටුව ලැබූ විශාල ජයග්‍රහණයක් වනවා.

පෙරහර පැවැත්වීමට එක අවස්ථාවක දී නොහැකි වූයේ ත්‍රස්තවාදීන් මහ බැංකුවට ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේදීයි.

පෙරහරට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ සිදුවූ හදිසි ප්‍රහාරයෙන් කරදරයට පත්වූවන් උදෙසා නවම් මහා පෙරහරට එකතු වූ මුදල් බෙදා දීම සිදුවුණා.

එයත් පෙරහර ඉතිහාසයේ සුවිශේෂී කාරණාවක්.

මෙවර පෙරහර නැරඹීමට එන බැතිමතුන් උදෙසා වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම, සනීපාරක්ෂක ස්ථාන සැකසීම, මහජන ආරක්ෂාව සැලසීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media