lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයින් 241ක් මරුට

Screenshot 2023 12 27 073034 768x353 1

ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ගත වූ පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇති වී තිබෙන යුදමය තත්ත්වය නිසා තම ජනතාවට බරපතළ අපරාධයක් සිදුවී ඇති බවයි පලස්තීන ජනාධිපති Mahmoud Abbas සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී Herzi Halevi නිවේදනය කරන්නේ හමාස් සංවිධානය සමග පවතින ගැටුම තවත් මාස ගණනාවක් පවතින බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසන්නේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම සති 11කට වැඩි කාලයක් තිස්සේ පැවති සටන්වලදී අවම වශයෙන් පලස්තීනුවන් 20,915ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media