ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නෞකාවක් තුළ සාදයක් පවත්වා තිබෙනවා.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටින ආකාරය එහිදී දක්නට ලැබුණා.
වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සිදු කළ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී ඇති අතර මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මන්ත්‍රීවරුන් විනෝද වී ගී ගයමින් සතුටු වන අකාරය ද දක්නට ලැබුණා.
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.