lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සන්තෝෂ් නාරායන්ගේ දැවැන්ත සංගීත ප්‍රසංගය යාපනයේ දී

IMG 20230825 WA0154

යාපනයේ පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය දැක බලා ගැනීම සඳහා මෙරට සංගීත ලෝලීන් හට එළඹෙන සැප්තැම්බර් 30 වනදා අවස්ථාව උදා වනවා.

භාරත සිනමාවට නවමු සංගීතමය හඬක් එක්කළ දකුණු ඉන්දියානු තාරකාවක වන සන්තෝෂ් නාරායන් මෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රසංගය යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම ප්‍රසංගය ඕනෑම අයෙකුට නොමිලයේ දැක බලා ගැනීමට අවස්ථාව ලැබීමද විශේෂත්වයක්.

සංගීතය නැමති විශ්ව භාෂාව හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය බැඳීම් සැමරීම මෙම ප්‍රසංගයේ අරමුණයි.

2012 වසරේදී ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්දීය සිනමා සංගීතයට පිවිසි සන්තෝෂ් නාරායන් සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙක්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media