lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

උද්ධමනය තවදුරටත් ඉහළට

උද්ධමනය තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත්  ඉහළ ගොස් තිබෙනවා.

 
එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ සියයට 93.7ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
පසුගිය මාසයේ සියයට 50.2 වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 57.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ.
 
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ උද්ධමනය දක්වා ඇත්තේ සියයට 70.2ක් ලෙසයි.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media