lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතෙන් බලයක් නෑ - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතෙන් බලයක් නොමැති බව නීතිඥ සංගමය පවසනවා.
 
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊයේ (23) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ අතර එම නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරනු ලැබුවා.
 
මෙම ගැසට් නිවේදනයට විරෝධය පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.
 
රාජ්‍ය රහස් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතිය පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමට පමණක් එකී පනත භාවිත කළ හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
299b80b0 6b509917 0d7ac3b2
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media