lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අවුරුදු 8ක දැරියට බරපතල ලිංගික අපයෝජනයක්‌  කළ සුළු පියා රිමාන්ඩ්

rape in sri lanka

වයස අවුරුදු 8ක දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
 
සැකකරු 44 හැවිරිදි චමින්ද කුමාර නමැති මොරටුව, රාවතාවත්ත, පොල්කොටුව පාරේ නිවසක පදිංචි පෙදරේරුවෙක්‌.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති දැරියගේ මව පවසා ඇත්තේ ඔහු සමග මීට වසර 3කට පමණ ඉහතදී විවාහ වූ බවයි.
 
ඇයට කලින් විවාහයේ අවුරුදු 8ක දැරියක් සහ දෙවැනි විවාහයෙන් අවුරුදු 2ක පුතෙකු සිටින අතර පසුගිය ඉරිදා දැරිය දහම් පාසල් යෑමට සුදානම් වූ අවස්ථාවේ මුලු ඇඟම රිදෙනවා යැයි  මවට පවසා තිබෙනවා.
 
කෙසේ වෙතත් මවගේ බලකිරීම මත දැරිය දහම් පාසල් ගොස් නිවස වෙත පැමිණ සවස ඉංග්‍රීසි පන්තියකට සහබාගි වී ඇති අතර ඇය එහිදී ඉංග්‍රීසි ගුරුවරියට පවසා ඇත්තේ  තමාගේ ශරීරයේ දැඩි වේදනාවක් ඇති බවයි.
 
ඒ අනුව ගුරුවරිය විසින් මවට ඒ පිළිබඳව දැනුම්දී දැරියට ප්‍රතිකාර ලබාදෙන ලෙස පවසා තිබෙනවා.
 
පසුව මව විසින් දැරිය නිවසට රැගෙන ඒමෙන් පසු අසනීප තත්ත්වයට හේතු විමසා ඇති අතර එහිදීයි දැරිය සිදුවූ අපරාධය පිළිබඳ අනාවරණය කර ඇත්තේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (21)මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media