සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11) පැවති තරගයේ දී ලකුණු 155ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා
අනතුරුව ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි
එමෙන්ම දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.