lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් 12ක් මරුට

1705629269 boart L 1

බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන්  ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වනවා.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media