lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනපති ස්විට්සර්ලන්තයට

400px Ranil Wickremesinghe

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අනිද්දා දිනයේ ආරම්භ වන මෙම සමුළුවේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දේශපාලන, ආර්ථික, සාමාජයීය සහ පාරිසරික න්‍යාය පත්‍ර හැඩගැස්වීමෙහි ලා ප්‍රධාන තීන්දු තීරණ ගැනීමට වසර මුලදී පැවැත්වෙන ගෝලීය වේදිකාව ලෝක ආර්ථික සංසදය යනුවෙන් හඳුන්වනු ලබනවා.

රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය ඇතුළු දහසකට අධික නියෝජිතයින් පිරිසක් එම සංසදයට එක්වනු ඇති.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම යන්න ජනාධිපතිවරයාගේ දේශනයේ මූලික තේමාව වන බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය සමඟ සංවිධාන කරනු ලබන ව්‍යාපාරික වටමේස සමුළුවකට ද ජනාධිපතිවරයා එක්වන අතර ව්‍යාපාරික නියෝජිතයින්ද හමුවනු ඇති.

ඊට අමතරව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්වන රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ලබන 18 වනදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන 24 වනදායි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media