lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තඹුත්තේගම මුදල් කොල්ලය ව්‍යර්ථ කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

theft 1 1024x538 1
 
දිවි පරදුවට තබා තඹුත්තේගම දෙකෝටියේ මුදල් කොල්ලය ව්‍යර්ථ කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක් හා ත්‍යාග මුදලක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
 
එමෙන්ම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  සදහන්එ කළේ මෙතෙක් වැඩ අවසන් නොකළ ඔහුගේ නිවසේ ඉදිකිරීම් ද අවසන් කරදෙන බවයි.
 
තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයෙක් ගෙනආ රුපියල් ලක්ෂ 223 ක මුදලක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  26 වනදා  දහවල් උත්සාහ දරා තිබුණා.
 
එම කොල්ලය වළක්වනු ලැබුවේ, තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතායි.
 
සිය ජීවිතය ද පරදුවට තබා සිය වගකිම් ඉටුකළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා අනුරාධපුර එප්පාවල පදිංචි දරුවන්  තිදෙනෙකුගේ පියෙක්‌.
 
මේ අතර උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඊයේ  (27) පෙරවරුවේ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාගේ නිවසට පැමිණ තිබෙනවා.
 
එහිදී ඔහු සඳහන් කළේ පොලීසිය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවයි.
 
මේ අතර අදාළ කොල්ලකෑමට අධාර අනුබලදීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවෙකු තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
 
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌.
 
කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනාට යතුරුපැදිය ලබාදීම සම්බන්ධයෙන් මෙම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
 
මෙම  සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (27) දහවල් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
 
එහිදී තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඔක්තෝබර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media