lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ත්‍රී පෝෂ වල විෂ කාරකයක්  අඩංගු බවට අනාවරණය වෙයි.

thriposha

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණයවී ඇතැයි  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එම අනාවරණයෙන් පසු ත්‍රී පෝෂ ආයතනය විසින් දිවයින පුරා බෙදාහැර ඇති ත්‍රී පෝෂ එකතු කිරීමට කටයතු කර ඇති බව ද උපුල් රෝහණ මහතා මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකට එක්වෙමින් සදහන් කළා.
 
ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍රමාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන ඇති බැවින් මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක් බවද උපුල් රෝහණ මහතා කියා සිටියා.
 
ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස ඔහු ඉල්ලීමක් කළා.
 
එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ ඇති ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවද උපුල් රෝහණ මහතා අනාවරණ කළා.
 
උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්  කියා සිටියේ යම්  ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා  බවයි. 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media