lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ?

1522811232 sri lankan parliament pm ranil wick

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

කෙසේ වෙතත් එය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.

ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් lankafreenews වෙබ් අඩවිය විමසීමක් කළා.

එහිදී ඉන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ එවැනි තීරණයක් ගෙන ඇති බවට මෙතෙක් තමන් දැනුවත් වී නොමැති බවයි.

කෙසේ වෙතත්, වෙනත් විශ්වසනීය මාර්ගයකින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අප කටයුතු කළා.

එහිදී තොරතුරු ලබා දුන් වගකිවයුතු ජ්‍යේෂ්ඨයෙකු සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් ඇති බවයි.

පවතින දේශපාලන වාතාවරණය හමුවේ එය සිදු වීමේ බොහෝ ඉඩකඩක් පවතින බවයි ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ.

ඒ අනුව පෙබරවාරි හෝ මාර්තු මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත් මේ වනවිට පැතිරෙමින් පවතින තොරතුරුවලට අනුව දැක්වෙන්නේ ලබන 09වනදා සහ 12වනදා අතර කාලයේ එය සිදු වීමට ඉඩ ඇති බවටයි.

රජයට සම්මත කරගැනීමට අවශ්‍ය පනත් කිහිපයක් පවතින බැවින් එම දිනවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වීමේ ඉඩ බොහෝ සෙයින් අඩු බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉහත සඳහන් කළ ජ්‍යේෂ්ඨයා කියා සිටියේ.

කෙසේ වෙතත් එය පෙබරවාරි හෝ මාර්තු මාසයේ දී සිදු වීමේ විශාල හැකියාවක් පවතින බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media