lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පුටින් සහ ඉරාන ජනාධිපති අතර හමුවක්

1702040522 ashfdhe L

කලකට පසු මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කලාපය තුළ අමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරන ඉරානයේ ජනාධිපති ඊබ්‍රහම් රයිසි මුණගැසී තිබේ.

 

ගාසාතීරයේ ඊශ්‍රායල – හමාස් සටන උච්ච අවස්ථාවක දී මෙම හමුව සිදුවීම විශේෂ බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

 

ජනපති පුටින් ඉරානයේ මෙහෙරාන් නුවරට පැමිණියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමෙන් අනතුරුවය.

 

එහි දී ඔහු ගාසා තීරයේ තත්ත්වය, යුක්‍රේන යුද්ධය සහ තෙල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ඔපෙක් සංවිධානය සහ රුසියාව දරන ප්‍රයත්නය ගැන සාකච්ඡා කර ඇත. 

 

ඉරාන ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර සාකච්ඡාවේ දීත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයට ප්‍රමුඛත්වයක් හිමි වී ඇති බව සඳහන්ය.

 

නායකයන් දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ වුණේ, රුසියාව සහ ඉරානය අතර වර්ධනය වන හමුදා සහයෝගීතාව තේමා කර ගනිමිනි.

 

විශේෂයෙන් යුක්‍රේන යුද්ධය සඳහා ඉරානය, රුසියාව වෙත ඩ්‍රෝන් යානා, මිසයිල ඇතුළු යුදෝපකරණ සපයන බවට අමෙරිකාව චෝදනා කරයි.

 

මැදපෙරදිග, විශේෂයෙන් පලස්තීන ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම අතිශය වැදගත් බව ජනපති පුටින් මෙහි දී පවසා තිබේ.

 

එහි දී භාෂා පරිවර්තකයෙකු හරහා ජනපති පුටින්ට පිළිතුරු ලබාදෙමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි ප්‍රබල ප්‍රකාශයක් සිදු කළ බව රොයිටර්ස් වාර්තා කර ඇත.

 

පලස්තීනයේ සහ ගාසා තීරයේ අද සිදු වන්නේ ජන සංහාරයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව ඉරාන ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබේ.

 

ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලබා ලේ වැගිරෙන ගාසා තීරයේ ළමුන් නෙතට කඳුළක් උනන දසුනක් බව ජනපති පුටින් මෙහි දී පවසා ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media