lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර විවෘත කෙරේ

Capture 30 1

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරු සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නවීනතම LED ආලෝක ධාරා පද්ධතියක් ඇතුළු, ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයකිින් ක්‍රීඩාංගණය නවීකරණය කර තිබෙනවා

මෙම විවෘත කිරීමේ උළෙලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීණ තාක්ෂණය ඔස්සේ පුහුණුවිය හැකි ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක්, නව මාධ්‍ය මධ්‍යස්ථානයක් හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වැඩි දියුණු කිරීම උදෙසා මුල්ගල් තැබීමක් ද සිදු ‌කළා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදුවන මෙම දැවැන්ත සංවර්ධන කටයුතු හරහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කාන්තා – පිරිමි දෙඅංශයේම ක්‍රිකට් වේගවත් දියුණුවකට මුල පිරෙනු ඇති

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන යන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික සුපර් ලීග් (NSL) වැනි සියලුම කණ්ඩායම්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුවීමක් ද මෙමගින් සිදුවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media