lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලංවිම සේවකයින්ගේ බිලියන 12ක ණය පොලිය ගෙවන්නේ ජනතාව – ඇමති කංචනගෙන් හෙළිදරව්වක්

Screenshot 2024 01 20 172735

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් මෙතෙක් ලබාගෙන ඇති ණය පහසුකම්වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ලංවිම සේවකයින්ට ලබා දී ඇති ණය පහසුකම් සහ නව බඳවා ගැනීම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස කළමනාකාරීත්වයෙන් ඉල්ලීමෙන් අනතුරුව මෙම තොරතුරු ලබා ගත් බවයි.

ඒ අනුව ලංවිම සේවකයින්ට ලබාදී ඇති මුල්‍ය පහසුකම් රුපියල් බිලියන 12 ක් පමණ වන අතර සේවක ණය පොලී කොටස් වලින් 2/3 ක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවනු ලබයි.

ලංවිම එහි සේවකයන් වෙනුවෙන් ගෙවන පොලිය අයකර ගන්නේ පාරිභෝගික ගාස්තු වලින්.

ණය ප්‍රතිලාභියාගෙන් ණය සහ පොලී මුදල් අයකර ගැනීමට සහ එය විදුලි පාරිභෝගිකයන් වෙත ලබා නොදීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media