lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

374230

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .

ඒ, පන්දුවාර 10යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ ලකුණු 82ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුණා .

කුසල් මෙන්ඩිස් ලකුණු 33යි.

ඒ අනුව දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංගටත්, තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ටත් හිමි වුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media