lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ළමා මන්දපෝෂණය ගැන "යුනිසෙෆ්" ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

unisef

මෙරට දරුවන්ගේ ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ  ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවයි. 
 
ඔවුන්  1995 සිට 2019 කාල පරාසය තුල සිදු කර ඇති සමීක්ෂණ වල දත්ත සංසංදනය කර ශ්‍රී ලංකාව සදහා 2016 වසරේ කරන ලද ජනවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එනම් කෘෂ බව 15 % සැලැකිල්ලට ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
 
නමුත් 2021 අග භාගයේ වෛද්‍ය පර්යේෂණ ආයතය මගින් සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙනවා.
 
එමෙන්ම වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමග දරුවන් මරණයට පත්වීමේ සහ රෝග වලට බදුන්වීමේ අවධානමක් මෙරට දන්නට නොලැබෙන බවත් හෙතෙම පැවසුවා.
 
තවද මැරමස්, ක්වොශියොකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ද දක්නට නොලැබෙන බවයි සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
 
මේ පිළිබදව මෑතක දී යුනිසෙෆ් ආයතනයේ ප්‍රධානියාට කරුණු පැහැදිලි කර දැනුවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යතුමා පියවර ගත් බවද ලේකම්වරයා පවසනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media