පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ මුලිකත්වයෙන් අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ සාකච්ඡාවක් අද (15) පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණ.
අලින්ට වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා වෙන වන බවත් අලින් වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යතුමා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දුන්නේය.
පුද්ගලික ඉඩම් කේනද්‍ර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්විනි
අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව විසඳුම් ලබා ලබා ගනිමින් පවතින අතර අලි-මිනිස් ගැටුම් ප්‍රබල දිස්ත්‍රික්කයන් තෝරාගනිමින් අලි වැට ඉදිකිරීම් කටයුතු සිදු වේ.
නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිළධාරීන් බඳවා ගැනීම මත් සිවිල් ආරක්ෂක භටයන්ගේ සහය ද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිත බවත්
වනඅලින්ට සිදුවන වෙඩිතැබීම් අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇත







