ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට

Image

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතාපවසා සිටියේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.

අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුුුුුුුකොටගෙ

රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් අසූඅට ලක්ෂ පනස් දහසක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top