• Home
  • විදෙස්
  • ශ්‍රි ලාංකිකයන් ජිවත්ව සිටින ඊශ්‍රියාලයේ උතුරු කලාපයට ආරක්ෂාව ගැන පණිවිඩයක්

ශ්‍රි ලාංකිකයන් ජිවත්ව සිටින ඊශ්‍රියාලයේ උතුරු කලාපයට ආරක්ෂාව ගැන පණිවිඩයක්

Image

ඊශ්‍රාලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බංඩාර මහතා අද (7) දැනුම් දිමක් සිදුකලේඊශ්‍රාලයේඋතුරු කලාපය ඉලක්ක කරගනිමින් හිස්බුල්ලා සංවිධානය එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින්, එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ය

විශේෂයෙන්ම හයිෆා (Haifa), නහරියා (Nahariya), අර්කෝ (Arko), ගැලීලි (Galilee), අෆුලා (Afula), කර්මෙල් (Carmel) කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශ, නාසරෙත් (Nazareth) සහ තිබෙරියා (Tiberias) යන නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුය.

ලෙබනන් දේශසීමාව දෙසින් එල්ල විය හැකි ප්‍රහාරවලට අමතරව, රට අභ්‍යන්තරයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇති විය හැකි ප්‍රකෝපාකාරී ක්‍රියාවන් පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස තානාපතිවරයා උපදෙස් දෙයි.

කෙසේ වෙතත්, ඉරානය දෙසින් එල්ල වන ප්‍රහාරවල යම් අඩුවක් දක්නට ලැබෙන බව ද තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වන ලෙස දන්වා සිටියි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ම පණිවිඩය පහතින්,

“ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව.

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඊශ්‍රායිල් ආරක්ෂක හමුදාවන් විසින් ලෙබනනයේ දකුණු කලාපය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හා හිස්බුල්ල සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බව නිරීක්ෂණය වේ.

මේ අනුව හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි,අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්,තිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජිවත්වන පිරිස ලෙබනනයෙන් එල්ලවිය හැකි ප්‍රහාර හා රට අභියන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් අවධානය යොමු කළ යුතුවේ.

උතුරු ඊශ්රායිල් කලාපයේ 9000 කට අධික ශ්‍රී ලාංකිකයන් සේවය කරන බැවින් නිරන්තරයෙන්ම ඊශ්රායිල් ආරක්ෂක හමුදාවන්, රජයේ මාධ්‍යය හා PIBA ආයතනය මෙන්ම තානාපති කාර්යාලය විසින් ලබා දෙන උපදෙස් පිළිපදින මෙන් දන්වමි.
ඕනෑම ප්‍රහාරයකදී ඔබට ඊශ්රායිල් ගිලන්රථ සේවා නොමිලේ ලබා දෙන අතර ඔබ සිටින ස්ථානයේ location සමඟ 101 අංකයට ඇමතීමෙන් ගිලන්රථ සේවාව ලබා ගත හැක.

අවශ්‍ය උපදෙස් සඳහා තානාපති කාර්යාලයේ whatsapp අංක 00972-559305731 දින හතේම කතාකිරිමට පහසුකම් සලසා ඇත.”

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායල

7 Comments Text
  • Natasha2739 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/QUleq
  • Gloria4190 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/P91fm
  • Henry1859 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/rULJz
  • Ian2957 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/IEV7K
  • Omar2628 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/631Tn
  • dk4444bet says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have been riding this platform for a few months now and the vibes just keep getting better. It honestly feels like they built everything with real players in mind instead of just chasing numbers. The promotions are exciting without any hidden catch and the games run smoother than silk. If you want a place that respects your time and rewards your loyalty, this is it. dk4444bet

  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top