• Home
  • ආර්ථික
  • DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසාය සංවර්ධන වෙනුවෙන් රු. මිලියන 500 ක් වෙන් කරයි

DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසාය සංවර්ධන වෙනුවෙන් රු. මිලියන 500 ක් වෙන් කරයි

Image

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. මෙය රටේ තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඒකකයේ [MSME (Micro, Small, and Medium Enterprises) Unit ] සංකල්පයක් අනුව, මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහිතව ක්‍රියාවට නැංවූ ‘Market-Oriented Dairy’ (MOD) වැඩසටහනේ සාර්ථකත්වය තුළින් ලද අත්දැකීම් මත පදනම් වෙමින් මෙම වැඩසටහන සැලසුම් කරන ලදි. මුළුමනින්ම DFCC බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන ණය යෝජනා ක්‍රමයක් වන මෙහි මූලික ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් වන කුඩා පරිමාණ කිරි ගොවීන් වෙත සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සපයමින්, බිම් මට්ටමේ සිටම ඔවුන්ගේ දියුණුව උදෙසා අත්වැලක් සැපයීම ය.

Market-Oriented Dairy (MOD) වැඩසටහනේ සමාප්ති උත්සවයේදී DFCC බැංකුවේ උප සභාපති (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා) චන්දන වනිගසේන මහතා විසින් මෙම නව ණය යෝජනා ක්‍රමය නිල වශයෙන් නිවේදනය කරන ලදි. “Sri Lanka Dairy—The Art of the Possible” නම් වූ මෙම උත්සවය 2024 මැයි 17 දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කිරි ගොවීන් නගාසිටුවීම සඳහා (Market Oriented Dairy) වැඩසටහනෙන් ලැබුණු දායකත්වය එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්විය.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ චන්දන වනිගසේන මහතා, DFCC බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඒකකය අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් පළකළේ ය. කිරි ගොවීන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීම සඳහා MOD වැඩසටහන මගින් දරන ලද උත්සාහයට අත්වැලක් වෙමින්, සුවිශේෂි මූල්‍ය සම්පාදන ආකෘතියක් යටතේ කිරි ගොවීන් 2,500 කට අධික පිරිසකට මූල්‍ය පහසුකම් සැපයීමට එම ඒකකය සමත් විය. මෙය සාර්ථකත්වය පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයකට මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි අතර, එය මේ වනවිට ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කැපීපෙනෙන දායකත්වයක් දක්වා තිබේ.

“DFCC බැංකුව මෙම වැඩසටහන මෙතරම් මුදලක් වෙන්කිරීම මගින් පෙනී යන්නේ, මෙරට කිරි කර්මාන්තයේ දියුණුව සම්බන්ධයෙන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීමයි. යෝජිත ‘DFCC-MOD Dairy Farmer Loyalty’ වැඩසටහනට සහය දැක්වීම සහ දිනකට කිරි ලීටර් 100 ක් නිෂ්පදනය කිරීමට සමත් වන කිරි ව්‍යවසායකයන් පිරිසක් බිහිකිරීමේ ප්‍රයත්නය තුළ MOD ආකෘතිය පෙන්නුම් කළ සාර්ථකත්වය මත පදනම් වෙමින්, කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඔවුන්ට දියුණුව කරා යාමට ඇති අවස්ථා වැඩිදියුණු කිරීමට අප පියවර ගනිමින් සිටිනවා.” චන්දන වනිගසේන මහතා වැඩිදුරටත් පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top