• Home
  • Uncategorized
  • ඒක් අධිකාරියක් යටතේ සුදු ක්‍රිඩාව නියා­ම­න­ය ­ක­ර­නවා

ඒක් අධිකාරියක් යටතේ සුදු ක්‍රිඩාව නියා­ම­න­ය ­ක­ර­නවා

Image

සූදු ක්‍රීඩාව නියා­මන අධි­කා­රිය පිහි­ටු­වීමෙන් විසිරී තිබෙන සූදු ක්‍රීඩාතනි අධි­කා­රි­යක් යටතේ නියා­ම­නක් සිදු­ක­රන බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැති අනිල් ජයන්ත මහතා මෙසේ ද පැවැ­සීය.

මෙමක්‍රිඩා නියා­ම­නය කිරීම අර­මුණු කර­ගෙන සූදු ක්‍රීඩා නියා­මන අධි­කා­රිය පනත් කෙටු­ම්පත ඉදි­රි­පත් කර තිබෙ­නවා. මේවා නියා­ම­නය කිරී­මට මේ දක්වා නීති­යක් තිබුණේ නැහැ. 2023 වසරේ දී මේ පනත ආරම්භ වුණත් එය අව­සන් වුණේ නැහැ. නමුත් අපි මෙය ඉදි­රි­පත් කර තිබෙ­නවා. දැනට තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත මේ වන­විට තිබෙ­නවා. සූදු ආඥා පනත යට­තේත් බදු එක්කර ගැනීම වෙනු­වෙන් පිය­වර ගන්නවා. ඒ වගේම මේවා නියා­ම­නය කිරීම තුළින් රාජ්‍ය ආදා­යම වර්ධ­නය කිරී­මත් අර­මු­ණක්. කැසිනෝ ව්‍යාපාර පන­තේත් ප්‍රධාන අර­මුණ වන්නේ බල­පත්‍ර ලබා­දීම සහ අදාළ බල­ප්‍ර­දේ­ශය තීර­ණය කිරී­මයි. නමුත් ඊට අදාළ රෙගු­ලාසි නිකුත් වී තිබුණේ නැහැ. මේවා නිසි නියා­ම­න­යට යටත් වෙලා තිබුණේ නැහැ. ඒවා නිසි නියා­ම­න­ය­කට යටත් කිරීම මෙහි අර­මුණ වෙනවා. මෙයින් අපි අපේක්ෂා කරන්නේ යම් රාජ්‍ය ආදා­ය­මක් එකතු කිරී­මයි. සූදු ක්‍රීඩාව පව­ත්වා­ගෙන යාමේ දී විනි­වි­ද­භා­වය වැද­ගත් වෙනවා. සූදු ක්‍රීඩා­ව­ලදී මේ අධි­කා­රිය පිහි­ටු­වීම හරහා එහි විෂය පථය තීර­ණය කිරී­මට බලය පැව­රෙ­නවා. අවම ප්‍රමිති තත්ත්ව­යන් ද පව­ත්වා­ගෙන යන්න බලා­පො­රොත්තු වෙනවා. නීති විරෝධී ක්‍රියා­කා­ර­කම් නියා­ම­නය කරන්න අපේක්ෂා කර­නවා. සූදු ව්‍යාපා­ර­යේදී සිදු­වන නීති විරෝධී ක්‍රියා­වන් පවා නියා­ම­නය කිරීම අර­මු­ණක්.

මුදල් විශු­ද්ධි­ක­ර­ණ­යට එරෙ­හිව මෙන්ම ත්‍රස්ත­වාදී ක්‍රියා­කා­ර­කම් සඳහා මුදල් සම්පා­ද­නය ආදිය සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වෙනවා. මෙවැනි තත්ත්ව­යන් තුළ අව­දා­නම් කලා­ප­යක අපි ඉන්නේ. මෙවැනි ක්‍රියා­කා­ර­කම් පිළි­බ­ඳව සිදු­ක­රන කාර්ය­සා­ධක බළ­කාය මේ වන­විට කට­යුතු කර­ගෙන යනවා. මේ විශු­ද්ධි­ක­ර­ණ­යට ඉඩක් නොමැති රටක් බවට පත්කළ යුතු වෙනවා. සූදු ක්‍රීඩා නියා­මන අධි­කා­රිය පනත් කෙටු­ම්පත මඟින් විශේෂ වාසි­යක් ද සැල­සෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් සමා­ජ­යට සිදු­විය හැකි හානි අවම කරන්න පිය­වර ගන්නවා. සාමා­ජි­ක­යන් 7 දෙන­කු­ගෙන් මේ අධි­කා­රිය සම­න්විත වෙනවා. මෙහි සමස්ත විෂය පථය තීර­ණය කරන්න රජ­යට පුළු­ළුන්. දැනට පව­තින ආඥා පනත් තුනක් මේ මඟින් අහෝසි වෙනවා. කැසිනෝ ව්‍යාපාර පන­තින් බලය දී තිබුණේ ක්‍රියා­කා­ර­කම් දෙකක් සඳ­හායි. මේ නියා­ම­නය සිදු­වන අතරේ මේවා තෝරා බේරා­ගන්නේ කෙසේද. සූදු­වක ස්වරූ­ප­යක් නොමැති පනත් කෙටු­ම්පත් දෙකක් තිබෙ­නවා. ලොත­රැයි මණ්ඩල දෙකේ ක්‍රියා­කා­ර­කම් මේ අධි­කා­රි­යට යටත් වන්නේ නැහැ. ඒ නිසා මේවා කෝපා කමි­ටු­වල වග­කී­මට යටත් වෙනවා. මේ අධි­කා­රිය පිහි­ටු­වී­මෙන් අපේක්ෂා කරන්නේ විසිරී තිබෙන සූදු ක්‍රීඩා ආදිය එක් අධි­කා­රි­යක් යටතේනියාමනයකිරිමයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top