• Home
  • ආර්ථික
  • සෙව­ණ­ග­ල සිිිනි සමාගමට උක් ප්‍රවාහනය සදහා හමුදාවේ සහාය ලබා ගන්නවා

සෙව­ණ­ග­ල සිිිනි සමාගමට උක් ප්‍රවාහනය සදහා හමුදාවේ සහාය ලබා ගන්නවා

Image

සීනි කර්මාන්ත ශාලා­වට උක් ප්‍රවා­හ­නය කිරීම සඳහා යුද හමු­දාව යොදවා ආර­ක්ෂා­වට පොලිස් විශේෂ කාර්ය බළ­කාය යෙද­වී­මට පිය­වර ගන්නා බවත් කුම­න්ත්‍රණ පරා­ජය කිරීම සඳහා ගත හැකි සියලු පිය­වර ගන්නා බව අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය.

සෙව­ණ­ගල සීනි කර්මාන්ත ශාලාව අශ්‍රි­තව ආණ්ඩුව අප­හ­සු­තා­ව­යට පත් කිරීමේ දැවැන්ත කුම­න්ත්‍ර­ණ­යක් කියා­ත්මක වෙමින් පව­තින බව පෙනී යන අතර ඒ පිළි­බඳ රහස් පොලී­සිය මේවන විට පරී­ක්ෂණ ආරම්භ කොට ඇතැයි, ඊයේ (02) මේ සම්බ­න්ධ­යෙන් පැවති විශේෂ මාධ්‍ය හමු­වක දී අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

අද­හස් දැක් වූ අමා­ත්‍ය­ව­රයා මෙසේද කීය.

හදි­සියේ අලුත් තත්ත්වය නිර්මා­ණය වෙන්නේ පසු­ගිය අගෝස්තු 16 වෙනිදා ඉඳල 24 වැනි දා දක්වාම එක දිගට අවස්ථා කීප­ය­කදී බාහිර උක් ගොවි­යන්ගේ වගා ප්‍රදේ­ශ­වල ගිනි තැබීම් කිහි­ප­යක් සිද්ධ වීමත් සම­ඟයි. සම­හර මාධ්‍ය වාර්තා කරන්නේ ගිනි ගැනීම් කියලා. උක් වගා බිම්වල ලැව් ගිනි වගේ තත්ත්ව­යක් ඇති වෙන්නේ නැහැ. මේවා ගිනි තැබීම්. ඒ නිසා තමයි මේ තත්ත්වය නිර්මා­ණය වෙලා තියෙන්නේ. මේ වෙන­කොට වාර්තා වෙලා තියෙ­නවා අගෝස්තු 16 ඉඳලා 24 වෙනිදා දක්වා ගොවීන් 153 දෙනෙ­කුට අයත් මේට්‍රික් ටොන් 12,840 ක් උක් යාය­වල් ගිනි තබා තිබෙ­නවා කියා. ඒ ගිනි තැබීම් සිද්ධ වෙන්නේ ඉතාම සැල­සුම් සහ­ගත විදි­හ­ටයි. මේකට හේතුව වන්නේ ගිනි තැබු­වට පස්සේ කර්මාන්ත ශාලා­වට සිද්ධ වෙනවා මිලදී ගන්න. ගිනි තබපු උක් කර්මා­න්ත­ශා­ලා­වට ගැනීම එක ක්‍රම­යක්. නමුත් කර්මා­න්ත­ශා­ලාව දැනු­ම්ව­ත්භා­වය ඇතිව ගිනි තියලා කර්මාන්ත ශාලා­වට ඒ උක් ගන්න පුළු­ව­න්නම් ගොවීන්ට කපන්න පහ­සුයි. උක් ගිනි තැබු­වට පස්සේ පැය 72ක් ඇතු­ළත ඇඹ­රී­මට ගන්න ඕනේ. නැත්නම් උක්වල තියෙන සීනි සාන්ද්‍ර­ණය සහ අවශ්‍ය සංයු­තිය ගන්න බැහැ.මෙි සමිබංධව ඇමතිවරයා කරුණු රාශියක් සාකචිචාවට ­ගැණින.

2 Comments Text
  • Dean2605 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/dKgyU
  • Theresa1885 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/ZmBYE
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top