මාර්ග අනතුරු නිසා නැතිවන සෑම ජීවිතයක්ම වළක්වා ගන්න පුළුවන් සංවිධානාත්මක මැදිහත්වීමකින්. මාර්ග අනතුරුවල ප්රවණතාවක් තිබෙනවා. මාරක රිය අනතුරු 2025 දී 2583ක් පමණ සිදුව තිබෙනවා. බරපතළ ලෙස හානිය අවමකර ගන්න හැකිව තිබෙන නමුත් 2025දී අලාභහානි 1516ක් පමණ සිදුව තිබෙනවා. 2024 වසරේ දී රිය අනතුරු 25,299ක් වෙනවා. 2025 වසරේදී 20,353ක් පමණ සිදුව තිබෙනවා. මාරක රිය අනතුරුවලට ගොදුරු වන්නේ පදිකයන්. 815ක් 2025 වසරේදී මියගොස් තිබෙනවා. යතුරුපැදි ද විශාල ලෙස අනතුරට ලක්ව තිබෙනවා. මේවා සඳහා සැලසුම් සකස් කළ යුතු වෙනවා. මාර්ගවල සිදුවන අනතුරු අපි දකිනවා. නමුත් දුම්රියේ ගැටීම නිසා කොතරම් අනතුරු සිදුවෙනවා ද කියා අපි බලන්නේ නැහැ. දුම්රිය ගැටීම නිසා මිනිස්සු 208ක් 2021දී මියගොස් තිබෙනවා. 2025 වසරේදී 374ක් සිදුව තිබෙනවා. එතනත් වැඩි ප්රමාණයක් ජීවිත හානි සිදුව තිබෙනවා.
දුම්රියේ ගැටීම නිසා වාහනවලට හානි සිදුවීම් 2025 වසරේදී 75ක් වෙනවා. 2025 වසරේදී දුම්රියේ ගැටීම නිසා අලින් 14ක් මියගොස් තිබෙනවා. 8ක් තුවාල ලබා තිබෙනවා. මෙය වළක්වා ගන්න රජය පැත්තෙන් අප මැදිහත්වෙනවා.





