පලාත් සභා මැතිවරණය පවත්වන්න කියා ඉල්ලනවා. උප්පරවැට්ටි නොදා මැතිවරණය පවත්වන්නේ නැත්තේ ඇයි. සියයට 65ක් තිබෙනවා නම් මැතිවරණය පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශ්රාම වැටුපක් ලැබිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල විශ්රාම වැටුපක් මහජන නියෝජිතයන්ට ලබාදෙන්නේ හේතුවක් නිසායි. අල්ලස හා දූෂණය තුරන් කරන්නයි. තමන්ගේ කාලයෙන් පසුව සමාජ ආරක්ෂණයක් ලබාදෙන්නයි කටයුතු කරන්නේ. විශ්රාම ගිය ගුරුවරුන්ට වැටුප් ගැලපීමක් නැහැ. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ආමන්ත්රණය කළා. මේ ගැටලු විසඳනවා කිවුවා. නමුත් ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට මේ දක්වා විසඳුමක් ලබාදී නැහැ. වැටුප් වැඩිවීමක් කළත් 2020 – 2024 අතර විශ්රාම ගිය 154000ට කිසිදු සහනයක් ලැබී නැහැ. ඒ විශ්රාමිකයන්ට සාධාරණයක් ඉටුකළ යුතු වෙනවා.
10000 වැටුප් වැඩිකිරීම සාධාරණ විදියට ක්රියාත්මක වියයුතු වෙනවා. විශ්රාමිකයන්ට සිදුවෙමින් පවතින අසාධාරනය අසාධාරණය නිවැරදි වියයුතු වෙනවා. මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් ක්රියාත්මක වියයුතු වෙනවා. ඒ වගේම මේ රටේ 750000ක විශ්රාමිකයන්ගේ විශ්රාම වැටුප් ගැටලුවට විසදුමක් දෙන්න කියා ඉල්ලා සිටිනවා







