ගෑස් හිඟයක් ඇති වන්නේ නැ

Image

ඉදිරියේ දි කිසිදු ගෑස් හිඟයක් ඇති වන්නේ නැති බවත් බවත් ප්‍රමාණවත් ලෙස තොග පවතින බවත් ලිට්‍රෝ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අනවස්‍ය ලෙස මිලදී ගැනීම්වලට ගොස් කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද සමාගම ජනතාවගෙන් බලා පොරොත්තු වෙනවා.

ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත වැඩි වීමක් සහ 2026 පෙබරවාරි 14 දින සිට දින දෙකක ගෑස් සැපයුම අත්හිටුවීම සිදුවීම පසුගිය දිනවල ඇති වූ ගැස් හිඟයට හේතුවී ඇතැයි ද සමාගම පවසා සිටියි

පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 284,000ක් වෙළෙදපොළට නිකුත් කර ඇත. ඊයේ (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ද සමාගම සඳහන් කරයි.

ඉදිරි කාලයට අවශ්‍ය ගෑස් තොග සඳහා දැනටමත් ඇණවුම් කර ඇත. සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සදහා මෙම මාසය අවසන් වීමට පෙර ගැස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top