රටට බලපෑ අතිවිශාලම ස්වාභාවික විපතක්. මේක වෙනත් විපත් එක්ක සංසන්දනය කරන්නත් බැහැ. මේකේ හානිය බරපතළයි. අපි වගේ ආර්ථික වශයෙන් යම්කිසි ස්ථාවරත්වයකට එමින් තිබුණු රටකට ඒක සැලකිය යුතු මට්ටමක බලපෑමක් කර තිබෙනවා. මුල් අවධියේ ජනතාව බේරාගැනීමේ වගකීමයි අප වෙත පැවරී තිබුණේ. ඒක සැලකිය යුතු මට්ටමකට සාර්ථකව නිම කරන්න ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ ස්වේච්ඡා සංවිධානවල මැදිහත් වීමෙන් අපට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ සඳහා අන්තර්ජාතික මුදාගැනීමේ කණ්ඩායම්වල සහයත් ලැබුණා. අනතුරුව මේ ජනතාවට කඩිනම් සහන සැලසීමේ වගකීම අප වෙත පැවරී තිබුණා. ඒ කටයුතු තවමත් සිදු වෙමින් තිබෙනවා.
මේ ව්‍යසනයෙන් දවස් 18ක් පමණ ගත වන විට ආරක්ෂික මධ්‍යස්ථාන 739කට කිට්ටු ප්‍රමාණයක 72,000ට ආසන්න ජනතාවක් රැඳී සිටියා. ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් එක්ක මි.මී. 75ක 100ක වර්ෂාපතනයක් ඇදහැලුණා. ඒ සමඟ සමහර ප්‍රදේශවල නායයෑම් අවදානමක් ඇති වී තිබුණා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ ආරක්ෂික මධ්යස්ථාවලම රැඳෙන්න කියලා ඒ ප්‍රදේශවල සිටින ජනතාවට අප දැනුම් දුන්නා. ඒ තත්වය තවම පහව ගොස් නෑ. මේ නිසා සමහර රැඳවුම් මධ්‍යස්ථානවල 1,500ක 2,000ක පමණ ජනතාව වැඩි වීමක් වුණා. දැන් අපට තිබෙන ලොකුම අභියෝගය මේ පිරිසට කඩිනමින් සහන සැලසීමයි.
මෙිවන විට ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් සහන ලබමින් පවතිනවා.





