• Home
  • දේශීය
  • සාම පාද යාත්‍රාව අද යක්කල සිට කැල­ණි­යට

සාම පාද යාත්‍රාව අද යක්කල සිට කැල­ණි­යට

Image

විය­ට්නා­මයේ පඤ්ඤා­කර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ 13 නමක් වන මහා සංඝ­ර­ත්නය විසින් සිදු කරන ‘ඒහි­ප­ස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (27) යක්කල අබේ­සේ­ක­රා­රා­ම­යෙන් ආරම්භ කර කැල­ණිය රජ­මහා විහා­ර­ස්ථා­නය දක්වා ගමන් කිරී­මට නිය­මි­තව තිබේ. ඊයේ (26) උදෑ­සන තෝලං­ග­මුව ජාතික පාස­ලෙන් ආරම්භ කළ සාම පා ගමන රාත්‍රිය වන විට යක්කල අබේ­සේ­ක­රා­රා­මය දක්වා ගමන්අර.භ කරනි

දැඩි අව් රශ්මිය නොතකා දහස් සංඛ්‍යාත ජන­තා­වක් මෙම සාම පාද යාත්‍රා­වට සහ­භාගි වී සිටිනු දක්නට ලැබුණු අතර උණු­සුම නිසා මාර්ගය රත්වී­මෙන් පා ගමනේ යෙදෙන හිමි­ව­රුන්ට සිදු වන පීඩා අවම කිරීම සඳහා කෙසෙල් කොළ සහ පාවඩ මාර්ගයේ එළී­මට පිය­වර ගෙන තිබිණි. සාම පා ගමනේ යෙදෙන මහා සංඝ­ර­ත්න­යට මල් පූජා කිරී­ම­ටත් උන්ව­හන්සේ ගමන් ගන්නා මාර්ගයේ මල් ඇතී­රී­ම­ටත් බොහෝ බැති­ම­තුන් කට­යුතු කට­යුතු කරනු දක්නට ලැබිණි.

කුඩා දරු­වන්, අබා­ධිත පුද්ග­ල­යන් මාර්ගය අස­ලට ගෙනැ­විත් හිමි­ව­රුන්ගේ ආශී­ර්වා­දය ලබා­ගැ­නී­මට බොහෝ පිරිස් උත්සුක වූ අතර පා ගමනේ යෙදෙන භික්ෂුන් වහ­න්සේ ද එවැනි පිරි­සට ආශී­ර්වාද කිරී­මට ඉදි­රි­පත් වූහ. ආග­මික සහ­ජී­ව­නය හා සාමය පිළි­බඳ ලෝක­යට පණි­වු­ඩ­යක් ලබා­දෙ­මින් ගමන් ගන්නා සාම පා ගමන සඳහා බෞද්ධ­යන්ට අම­ත­රව අනෙ­කුත් ආග­මික සහ ජාතික කණ්ඩා­ය­ම්වල පිරිස් ද අන්‍යා­ග­මික නාය­ක­යන් ද සහ­භා­ගී­වීම විශේ­ෂ­ත්ව­යකි. හෙට (28) දා පෙ.ව.11.00ට කැල­ණිය රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී පාසල් ළම­යින් හා විශ්ව­වි­ද්‍යාල සිසුන් සමඟ විශේෂ සාක­ච්ඡා­වක් පැවැ­ත්වෙන අතර පසුව කැලණි විහා­ර­යෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන නිද­හස් චතු­ර­ස්‍රය දක්වා පැමි­ණී­මට නිය­මි­තව තිබේ. හෙට(28) ප.ව. 4.00 ට නිද­හස් චතු­ර­ස්‍ර­යේදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ­භා­ගි­ත්ව­යෙන් රාජ්‍ය උත්ස­ව­යක් ද පැවැත්වේ. මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පඤ්ඤා­කර හිමි ඇතුළු නියෝ­ජිත පිරි­සට ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ අංකුර පැළය නිල වශ­යෙන් භාර දීමට නිය­මි­තව ඇත. නැවත ප.ව.5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00 ගංගා­රාම විහා­ර­ස්ථා­න­යෙන් අව­සන් කිරී­මට නිය­මි­තව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top