• Home
  • ආර්ථික
  • ගොවියාට සහන සලසමින් රජය මැදි­හත්වී පොහොර මිටිය 10,200කට දෙනවා

ගොවියාට සහන සලසමින් රජය මැදි­හත්වී පොහොර මිටිය 10,200කට දෙනවා

Image

­දැනට පොහොර තොග ඇති හෙයින් පොහොර සම්බ­න්ධ­යෙන් ගොවි ජන­තාව අනි­යත බියක් ඇති කර­ගත යුතු නැති බව කෘෂි­කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා පැව­සීය.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේ ද සඳ­හන් කළේය.

මහ කන්නයේ වී වගා­වට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර අවශ්‍ය ප්‍රමා­ණ­යට වඩා වැඩි­යෙන් රටේ තිබෙ­නවා. ගිය යල කන්න­යේදී MOP ටොන් 13,000ක් පමණ භාවිත වුණා. දැනට රටේ MOP පොහොර ටොන් 38,000ක් පව­ති­නවා. යූරියා සම්බ­න්ධ­යෙන් පැවති සුළු හිඟය මඟ­හ­රවා ගැනී­මට අලු­තින් ටොන් 25,000ක යූරියා පොහොර නැවක් දිව­යි­නට ආවා. රටේ පව­තින පොහොර තොග ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන මට්ට­මින් බෙදා­හ­රි­මින් තිබෙ­නවා.

යුද තත්ත්වය හමුවේ ලෝක වෙළෙ­ඳ­පොළේ පොහොර මිල ඉහළ යෑමත් සමඟ නව පොහොර මිටි­යක සිල්ලර මිල රුපි­යල් 17,000ක් පමණ වෙනවා. රජයේ මැදි­හ­ත්වී­මෙන් පොහොර මිටි­යක් රුපි­යල් 10,200ක සහන මිල­කට ගොවීන්ට ලබා­දී­මට කට­යුතු කර තිබෙ­නවා.

පොහොර සඳහා ගොවීන්ගේ මූල්‍ය බර සැහැල්ලු කිරී­මට රජය පොහොර සහ­නා­ධා­රය ද ඉහළ නංවා තිබෙ­නවා. හෙක්ට­යාර දෙකක් සඳහා මීට පෙර ලබා දුන් රුපි­යල් 30,000ක පොහොර සහ­නා­ධා­රය නව ආණ්ඩුව පත්වී­මත් සමඟ රුපි­යල් 50,000 වැඩි කළා. මේ වන විට එම සහ­නා­ධා­රය රුපි­යල් 60,000 දක්වා දෙගු­ණ­ය­කින් වැඩි කර තිබෙ­නවා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top