ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළේය.
මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු තෝරා ගැනිණි
එමෙන්ම පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීම මෙහි තවත් අරමුණක්ය.
අමාත්‍ය මණ්ඩළ රැස්විමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමෙි වැදගත්කම පෙන්වා දුනි.