• Home
  • පරිසරය
  • පොහොර වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසි කරනවා

පොහොර වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසි කරනවා

Image

වැඩි මිලට පොහොර විකුණනන්නන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කියයි.

කුරුණෑගලදී පැවති ‘වල් වී පාලන ප්‍රවර්ධන සතිය’ – ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසීය.

යුරේපේ පවතින යුද්ධය නිසා පොහොර මිල ඉහළ යන බවට අසත්‍ය ප්‍රචාරයක් කරමින් පොහොර මිල ඉහළ දැමීමට යම් පිරිසක් උත්සහ දරනවා.

මේ තත්ත්වය මත වැඩි මිලට පොහොර අලෙවිකරන වෙළෙඳුන් සම්බන්ධව තොරතුරු වහාම තමන්ට හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. රටේ පොහොර හිඟයක් නැහැ. මේ වන විට ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට පොහොර රටේ තිබෙනවා. යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් පොහොර ගබඩාවන්හි තිබෙනවා. අපට ඊළඟට අවශ්‍ය වන්නේ බණ්ඩි පොහොරයි. එහි හිඟයක් නැහැ. ඒ ඒ දිස්ත්‍රික්කයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට බණ්ඩි පොහොර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය සහ පොහොර සමාගම් එක්වී සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අනාවරණය වුණේ මෙරට ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට පොහොර තොග රටේ පවතින බවයි. මේ දිනවල පවතින යුද්ධයත් සමඟ ලෝක වෙළෙඳපොළේ පොහොර මිල වෙනස් වෙමින් තිබෙනවා. ඒ පරිසරයට සම්බන්ධ කරමින් යුද්ධය නිසා පොහොර මිල ඉහළ යන බවට සිතමින් ඇතැම් කූට වෙළෙඳුන් පොහොර තොග සඟවාගෙන සිටින බවට අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. එවැනි වෙළෙඳුන් ගැන අපට ඔත්තුව දෙන්න. අපි ඒ අයට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ අයගේ බලපත්‍ර අහෝසි කරන්න අප කටයුතු කරනවා. පොහොර මිටියක් රුපියල් 9000කට වඩා වැඩියෙන් විකුණන්නට බැහැ. අපට තොරතුරු ලැබී තිබෙනවා එයට වඩා වැඩි මිලට විකුණන බවට. අපි ගොවි ජනතාවගෙන් , ගොවි සංවිධානවලින් ඉල්ලීමක් කරන්නේ මේ කූට වෙළෙඳුන්ට විරුද්ධ වෙන්න කියලා. ඔවුන් පිළිබඳව අපට දැනුම් දෙන්න. යුද්ධය අස්සේ වංගුගහන මේ අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව

3 Comments Text
  • Kaylee2587 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Partner with us and enjoy high payouts—apply now! https://shorturl.fm/lZr06
  • Aubrey608 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Earn recurring commissions with each referral—enroll today! https://shorturl.fm/8NYaQ
  • Duane3720 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Promote our brand and watch your income grow—join today! https://shorturl.fm/CWeJ7
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top