• Home
  • කලා
  • පිළිම නෙළා නැති විරුවන් පිරිසක්සුවද කළ. .ඉල්මහේ සැමුරුව

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්සුවද කළ. .ඉල්මහේ සැමුරුව

බටහිර අහසේ හිරු සැගව යන්න ආසන්නයේ අධිකාරි සහෝදරයා පැමිණියේ ගාල හංදියේ මා නැවති සිටි කාමරයට . වදකාගාරයට පහර දෙන්න පැය කිපයකට පෙරය . ඊට සතියකට පමණ පෙර සහෝදරයෙක් කැසට්පටයක් මාඅත තැබුවෙි. කවි සහෝදරයාව දෙන්න කියාය. ඒ් විජේවිර සහෝදරයාගේ අවසන් කැසට්පටය මාගේ රට වැසියනි. යනුවෙන් හඩ අවදි කරවමිනි. කවි සහෝදරයා ඒම කැසට් පටය රණ හඩ ඔස්සේ ජනතාවට අසන්න ඉඩ ලබා දුනි.

රාත්‍රිය ලගාවන්නට තව ඇත්තේ හෝරා කිපයකි. අධිකාරි සහෝදර යා බලාපොරොත්තු වු වෙිළාවට සෙනෙවි සහෝදරයා පැමිණියේය. ඉන් අනතුරුව චන්දරේ සහෝදරයා පැමිණියේය. ඔහු මා අත පාර්සලයක් ප්‍රවේශමෙන් තබන ලෙස පවසා සාකච්චාව අරම්භකලේය. සාකච්චාවෙන් පසු අධිකාරි සමග සෙනෙවි පිටව ගියේය.

තවත් මොහොතකින් අමරේ අරවින්ද අසේල ජයන්ත විරේ නන්දන තවත් සහෝදරවරු ගනනාවක් පැමිණියේය. අරවින්ද සහෝදරයා විඩියෝ හදුන්නා දෙමින්

පවසා සිටියේ දැන් ඒය නරබන ලෙසටය . ඒය ගරිල්ලා පහරදිම් පිලිබද කෙටි චිත්‍රිපටයකි. මෙිවන විට තැන්කිපයක සංවිධානගත වෙමින් සිටි .සහෝදරවරැ

ඒක තැනකට සංවිධාගත වන්නට වුණි.හැමෝම ආයුධ ඇතැතිව. සන්නද්ධ වුයේය වදකාගාරයට පහරදිමටය. මෙි පහර දිමේදි අප මියයන බව අපේ හදවත් තනි තනිව අපට කතාකරන බවක් දැනිණි මංන්ද අපකිසිවෙක් දැන සිටියේනැහැ වදකාගාරයට පහර දෙන බවක් ඒය අවසාන තත්පර කිපයේ නායක සහෝදරයා පවසා සිටියේය.

අමරේ සහෝදරයා තවත් කෙනෙක් සමග රාත්‍රි ආහාරය සදහා කොත්තු රෝටි රැගෙන ්ඒමට ගියේය. මෙි අපි කන අවසන් කොත්තු රොටිය බව කවුරුත් දැන

නොසටියේය.සද සැගව ගිය රාත්‍රියේ කාණාමැදිරි හඩ සමග වදකාගාරය අසලට හැමෝම ලගා වුණි ක්ෂනිකව පහර දිම ආරම්භවිය. මුලු ප්‍රදේශයම දෙවනත් කරම්න් දෙපැත්තෙන්ම මහ සබ්ද නගමින් වෙඩි උන්ඩ පිටවන්නට විය. අපේ සගයන් කිපදෙනෙක් සතුරාගේ වෙඩි උන්ඩයෙන් පපු කුහර පසාරු කරගෙන මැරි වැටුනේය.

දරුනු සටනකින් පසු සියලුදෙනාම පසුබසින්නට වුහ. පාන්දර වෙන විට මාගේ කාමරය වටලා මා අත් අඩංගුවට ගැනිනි. මට පහර පිට පහර දෙමින් හමුදා

සෙබලුන් මා ජිප්රථයක දිගා කර වදදෙමින් ප්‍රශ්න කරන්නට විි ය. ඉන් පසු ගගක් ලගට අරන් ගිය මා බිමට ඇද දැමුහ.අත් අඩංගුවට ගත්තවත් කිපදෙනෙක්

ඒතන සිටියහ.ගගේ වතුර වෙිගයෙන් ගලා බසින බව මට පෙනිණි. හමුදා සෙබලුන් කළබල වෙන බවද මට දැණිනි. ක්ෂණිකයෙන් මා ගගට පන ගත්තේය.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල.

ඡායාරුපය අන්තර් ජාලයෙන් ලබා ගත්තා

1 Comments Text
  • Carla2246 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/bizhM
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top