• Home
  • දේශපාලන
  •  විනයගරුක රටක් බිහි කිරීමට ඇපකැප වෙනවා – ෆොන්සේකා කියයි.

 විනයගරුක රටක් බිහි කිරීමට ඇපකැප වෙනවා – ෆොන්සේකා කියයි.

Image

වහල් දේශපාලනයෙන් තොරව සැමට එක හා සමාන වරප්‍රසාද හිමිවන රටක් බිහිකරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.

ලංකාවේ සෑම පක්‍ෂයකම වැඩි පිරිසක් ඉන්නෙ දූෂිතයින්. ඒ නිසා මම තීරණය කළා ස්වාධීනව ජනතාව ඉදිරියට පැමිණිලා ජනවරමක් ලබාගන්න. අද තියන පක්‍ෂවල නායකයන්ට දැක්මක් නැහැ. ඔවුන් ජනතාවට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා අඳුරේ අතපත ගාන්නේ නැති ප්‍රමිතියක් ඇති නායකයෙකු බිහිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි.

රටකට අවශ්‍ය වන්නේ අවදානම්වලට බෙල්ල තියලා රට බේරගන්න නායකයෝ මිස අභියෝග හමුවේ පැනලා දුවන නායකයෝ නොවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top