• Home
  • ආර්ථික
  • සිග­රට්වවලට ගහන බද්ද වැඩි නොකි­රී­මනිසා බිලි­යන 17.3ක් අහි­මි වෙලා

සිග­රට්වවලට ගහන බද්ද වැඩි නොකි­රී­මනිසා බිලි­යන 17.3ක් අහි­මි වෙලා

Image

සිග­රටි ගෙන්විමෙි දි වැඩි නොකි­රිමෙන් රටට රුපි­යල් බිලි­යන 17.3 ක මුද­ලක පාඩුවක් තිබෙන බව සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

“කර්මාන්ත කඩා වැටිලා. ගොවි කට­යුතු අක්‍රිය වෙලා. ප්‍රාථ­මික ගිණුමේ සාර්ථ­ක­ත්වය, රාජ්‍ය ගිණුම් අඩ­පණ වෙලා. කර්මාන්ත ශාලා 200 වැඩ­ස­ට­හ­නක් මේ ආණ්ඩු­ව­ටත් ආරම්භ කරන්න පුළු­වන්නේ. 2024 ජන­වාරි සිට අද වන විට භාණ්ඩ හා සේවා 97ක බදු බර වැඩි කරලා. සිග­රට් බද්ද විත­රක් වැඩි කරලා නැහැ. සිග­රට් බද්ද සිය­යට 75කට වැඩි විය යුතුයි. සිග­රට් බද්ද වැඩි නොකි­රීම නිසා රුපි­යල් බිලි­යන 17.3 ක් අහිමි වෙනවා. වැට් එක, ඉන්කම් ටැක්ස් වැඩි කළා. එක පෑන් පහ­රෙන් රාජ්‍ය ආදා­යම රුපි­යල් බිලි­යන 17.3කින් වැඩි කර­ගෙන රටේ ජන­තා­වට සහන ලබා­දෙන්න කියලා ජනා­ධි­ප­ති­ව­ර­යාට මම යෝජනා කර­නවා. එක් මන්ත්‍රී­ව­රි­යක් කීවා බඩු මිල අඩු කළා කියලා. පොදු ජන­තාව අත­රට ගොස් දහ දෙන­කු­ගෙන් අහන්න බඩු මිල අඩු­වෙලා තිබෙ­නවා ද වැඩි වෙලා තිබෙ­නවා ද කියලා. සයි­බර් වංචා­වල මූල­ස්ථා­න­යක් බවට අපේ රට පත්වෙලා. නීතියේ ලිහිල් කිරීම මත කාම්බෝ­ජයේ සිටි සයි­බර් වංචා­ක­රු­වන් අපේ රටට ඇවිත් සිටි­නවා. ඒ සඳහා පිය­ව­රක් ගන්න. සිහින ලෝක­යක් නිර්මා­ණය නොකර ජන­තා­වගේ ප්‍රශ්ණ වලට ි රජය විසදුමි ලබා දය යුතු බව පැවසිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top