ඉන්දියාවේ Koo වසා දමයි

Image

X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
    
එම සමාජ මාධ්‍ය වේදිකාවේ නිර්මාතෘවරු පවසන්නේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.

Koo, 2020 දී එළිදැක්වීය.  භාෂා 10කින් පණිවුඩ හුවමාරුකර ගැනීමට හැකියාව තිබේ.

ඉන්දීය රජය සහ X ජාලය අතර 2021දී මතභේදයක් ඇතිවීමෙන් අනතුරුව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම Koo ජාලය භාවිත කිරීමට පෙළඹුණි.

ඒ හේතුවෙන් එය වඩාත් ප්‍රචලිත විය.

2021 වනවිට Koo මෙවලම මිලියන 20ක් පමණ පිරිසක් විසින් බාගත කරගෙන තිබුණි.

1 Comments Text
  • розповів says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    High-quality information presented in a very digestible way. This website has become my shortcut.
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top